අනෙකුත් Messengers අතරින් Skype වලට විශේෂ තැනක් හිමි වෙනවා. ගිය වසරේ සැප්තැම්බර් මාසය වන විට, Skype හී ලියාපදිංචි වී ඇති ගිණුම් ප්‍රමණය මිලියන 663 ක් ලෙස වාර්තා කර තිබෙනවා. මෙහි අයිතිය Microsoft සමාගම සතු වෙනවා. පුද්ගලික අවශ්‍යතා වලට වගේම ව්‍යාපාරික අවශ්‍යතාවන් සදහාත් බොහෝ දෙනෙක් skype බාවිතා කරනවා. මම Skype වල ජාතකය ගැන කතා කරන්න නෙවෙයි මේ යන්නේ.
අද කතා කරන්න යන මාතෘකාවට පොඩි ආරම්බයකුයි ඒ ගත්තේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ පරිගණකයෙන් එකවිර, skype ගිණුම් කිහිපයකින් ලොග් වෙන්නේ කොහොමද කියන එකයි.
සාමාන්‍යයෙන් Skype ලොග් වී සිටින විට තවත් ID එකකින් ලොග් වෙන්න පුළුවන් කමක් නැහැ. වෙන ID එකකින් ලොග් වෙන්න නම්, ලොග් වී සිටින ගිණුමෙන් ලොගවුට් විය යුතුයි. ඉතින් එය එහෙම උනත්, අපිට ස්කයිප් ගිණුම් කිහිපයකින් එකම පරිගණකයෙන් ලොග් වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඉතින් අපි බලමු කාටත් පහසු අයුරකින්, ස්කයිප් ගිණුම් කිහිපයක් එකවර බාවිතා කරන්නේ කොහොමද කියලා.
ඉතින් මෙතැනදී ඔබට පුළුවන් Multi Skype Launcher මෘදුකාංගය බාවිතා කරන්න. එය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්. වින්ඩෝස් XP, Vista, 7 යන ඕනෑම මෙහෙයුම් පද්දතියක බාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මෙය බාවිතා කරන්න නම් අඩුමගානේ .NET framework 3.5 වැඩසටහන වත් ඔබේ පරිගණකයේ ස්ථාපිත කර තිබිය යුතුයි.
Multi Skype Launcher එක බාවිතා කරන්නේ කොහොමද?
- මෙතන ක්ලික් කරලා මෙම මෘදුකාංගය download කරගන්න.
- අනතුරුව එය පරිගණකයට ස්ථාපිත කරගන්න.
- අවසානයේ මෘදුකාංගය open කරගත් පසු “Add” යන්න මත ක්ලික් කර ඔබගේ Skype Username එක හා Password එක ලබාදී “OK” කරන්න. ඒ විදියට ඔබට අවශ්‍ය ඔබේ අනෙක් Skype ගිණුම් ටිකත් add කරගන්න.
- ඔබ add කරගත් Skype accounts අතරින් අවශ්‍ය ගිණුම මත ක්ලික් කර “Launch” යන්න ක්ලික් කරන්න. එවිට අලුත් වින්ඩෝ එකක skype විවුර්ත වේවි. ඒ විදියට ඔබට ලොග් වීමට අවශ්‍ය අනෙක් ගිණුම් මතත් ක්ලික් කරලා Launch යන්න ක්ලික් කර අලුත් Skype වින්ඩෝ එකක එම ගිණුම open කරගන්න ඔබට පුළුවන්.
හැබැයි ඉතින් ඔබ මේ විදියට Skype ගොඩාක් open කරගත්තොතින් එය ඔබේ පරිගණකය slow වෙන්න හේතු වෙන්න පුළුවන්.
ඒ වගේම මේ Multi Skype Launcher එක ආරක්ෂිතයිද කියන එක ඔබට ගැටළුවක් නම් කියන්න තියෙන්නේ, එය ආරක්‍ෂිත බවයි. කිසිම විදියකින් ඔබේ login details කිසිවකු අතරේ share කරන්නේ නැහැ.